Showing posts with label Phone Tricks. Show all posts
Showing posts with label Phone Tricks. Show all posts

Thursday, October 16, 2014


අද #CyberTricksZone එකේ චෙනුර මාලය ගෙන්නේ ටිකක් විතර පරණ News එකක් හැබැයි දන්නේ නැති අයට වටිනවා ඈ :D
Tonino Lamborghini සමාගම විසින් ලැම්බොගිනි මෝටර් රථ අනුසාරයෙන් ජංගම දුරකථනයක් නිපදවා තිබෙනවා. Antares නමින් හඳුන්වා ඇති මේ ජංගම දුරකථනය Limited Edition හෙවත් සීමා සහිතව නිෂ්පාදනය කරන ජංගම දුරකථනයකි. ලෙදර් හා ලෝහමය ආවරණයකින් නිමවා ඇති මේ ජංගම දුරකථනය රතු, සුදු, කළු, දුඹුරු සහ නිල් යන වර්ණ වලින් ලබාගත හැක. Android 4.2 Jelly Bean මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වන මේ ජංගම දුරකථනයේ මිල ඇමරිකානු ඩොලර් 4000ක් එනම් රුපියල් ලක්ෂ 5කටත් අධිකයි.
මෙය දැනට වෙළඳ පොලේ ඇති ප්‍රබලම ජංගම දුරකථන ගොන්නේ නොතිබුනත් 1.5GHz quad-core ප්‍රො සෙසරයකින් බල ගැන්වෙන මෙය සුඛෝපභෝගී ජංගම දුරකථන අතර හොඳම තේරීමකි.

අනෙකුත් බොහෝමයක් සුඛෝපභෝගී ජංගම දුරකථන මෙන්ම Lamborghini ජංගම දුරකථනයේ ද අඟල් 4ක සීරීම් ආරක්ෂණයක් සහිත ස්පර්ශ සංවේදී තිරයකින් ද, HD වීඩියෝ හැකියාව ඇති 5MP ඉදිරිපස කැමරාවකින් ද යන පහසුකම් වලින් සමන්විතයි. ඒ හැරුණු කොට මේ ජංගම දුරකථනය අනෙකුත් සුඛෝපභෝගී ජංගම දුරකථන වලින් වෙන්වන්නේ මෙහි ඇති උසස්, විශ්ෂ්ඨ පෙනුමකින් යුත් User Interface එකයි.
 13MP පසුපස කැමරාවක් සහ Flash එකක් සහිත මේ ජංගම දුරකථනයේ ශබ්ද විකාශණ පද්ධතිය නිෂ්පාදනය කොට ඇත්තේ Yamaha ආයතනයෙනි. 2GB Ram මතකයකින් ද 32GB අභ්‍යන්තර මතකයකින් ද බලගැන්වෙන මෙහි මතකය 64GB දක්වා වැඩි කරගත හැක. අගනා ඇලුමිනියම් ආවරණයකින් වෙළඳපළට පැමිනෙන මේ ජංගම දුරකථනය මේ වන විට චීනය, ඇමරිකාව හා බ්‍රිතාන්‍ය වෙළඳපළට නිකුත් කොට හමාරය.

යාලුවන්ටත් දැනගන්න Share කරලා Like එකක් දාගෙනම යන්න යාලුවනේ ඈ.. :D

Tuesday, September 2, 2014

:D ඔන්න අදත් වටිනා Post එකක් ගෙනාවා චෙනුර :) ඔයාලා දන්නවද මේ මෑතක්දී ලංකාවේ Dialog එකට Google එකෙන් දුන්න තෑගක් ගැන? :D Google එකෙන් අපි වගේ දියණු වෙන රටවලට දුන්න Option එකක් තමයි Google Free Zone කියන්නේ අහලත් ඇති.මේ ක්‍රමයෙන් අපිට කිසිදු ගාස්තුවක් නැතිව Google එකේ Search කරන්න පුළුවන.හැබැයි Search කරලා එන Result එකෙන් වෙන Site එකකට යන්න Data යනවා.හැබැයි මේ වැඩේ කරන්න පුළුවන් Phone එකෙන් විතරයි!තව මේ ක්‍රමයෙන් Google සේවා වලට Data යන්නේ නැහැ Ex:- G-mail,Google Plus වගේ මේ ගැන වැඩි විස්තර මෙතැනින් :D
වැඩේ වෙන්නේ මෙහෙමයි :D
Dialog Sim එකක් ඕනේ පොඩක් හරි Credit තියන 
Google Account එකක් තියෙන්නේ ඕනේ 
Phone එකෙ තියන Opera Mini හරි Browser එකක් Open කරගෙන Address Bar එකේ ගහන්න 

freezone.google.com 

දැන් එන Page එකේ Click Here To Start 

දැන් Sign Up වෙන්න ඉල්ලයි

Sign Up වෙන්න දැන් දැන් ඕන වේලාවක freezone.google.com කියලා ගහලා එන Page එකේ Search කරන්න data කැපෙන්නේ නැහැ පට්ට නේද?

තාක්ෂණික දෝෂයක් නිසා බිද වැටුණු අපේ පරණ Fanpage එක වෙනුව අපේ අලුත් Fanpage එකකට Like එකක් දාලා Sup එකක් දෙන්න :D ඔන්න චෙනුර කැපුණා ඔබට ජය :D bye 

Wednesday, July 30, 2014

අද මම කියන්නේ Android හරහා සිංහල නැරබීමෙ හා සිංහල Type කිරීමේ හැකියාව ලබා ගන්නා ආකාරයයි!
මුලින්ම සිංහල බලන හැටි මේකට ඕන වෙනවා Opera Mini Browser එක.එක Google play එකෙන් Free ගන්න පුළුවන්.ඊට පස්සේ කරන්නේ මෙහෙමයි.මුලින්ම Opera Mini එකට යන්න.
දැන් උඩ තියන Address Bar එකේ config:opera කියලා Type කරලා Search කරන්න.එහෙම ආවේ නැත්නම් Config: කියලා විතරක් ගහන්න :D


දැන් එයි Power Setting කියන එකට දැන් ඒ මෙනු එක පහලටම ගන්න දැන් ඇති "Use bitmap fonts for complex scripts" කියන එක "NO" කියලා තියෙන්නේ, (පින්තූරෙ බලන්න).ඒක "YES" කරලා save කරන්න.දැන් බලන්න සිංහල පෙනවා.

මේ ක්‍රමයේ ඇති වාසිය නම් මේ ක්‍රියාවලි 2කම NoN Root අවස්ථාවේදී මෙය බාවිතා කිරිමට හැකි වීමයි. 

සිංහල Type කරන්න මේ App එක ගන්න පහළින් ගන්න
 

Like එක්ක දාලම ගියා නම් ;)



ඔන්න මම කාලෙකින් ලිපියක් දාන්න හිතුවා.හැමෝම වගේම Android Device තියන Google Play වලින මුලින්ම ගන්නේ Temple Run 2.ඉතින් මම හිතුව එක Hack කරන්න බැරිද කියල.ඔන්න ඉතින් මට ක්‍රමයක් ආවා.පහල බලන්නකෝ :D මේකට Root ඕන වෙන්නේ නැහැ ඈ.. 



මේ වැඩේ කරන්න Root කරන්න ඕනේ නැහැ.කරන්නේ මෙහෙමයි.මුලින්ම මේ File එක Download කරගන්නකො :D

Download කරගත්ත file එක File manager එකේ /sdcard/Android/data/com.imangi.templerun2/files/ මෙන්න මෙතනට දාගන්න ඕනේ.මුලින්ම උඩ කියල තියන තැනට යන්න ගිහින් එතැන තියන gamedata කියන File එක delete කරන්න.ඉට පස්සේ මම දුන්න file එක උඩ තියන තැනට Copy කරලා Past කරන්න.මෙතනදී බලන්න ඔය Temple Run Install කරලා තියෙන්නේ SD Card එකටද නැත්නම් Phone මෙමරි එකට කියන එක.phone මෙමරි නම්  /sdcard වෙනුට මෙතනට එන්නේ phone එකේ මෙමරි එක /Android/data/com.imangi.templerun2/files/

හරි වැඩේ කරලා ඉවර වෙලා Run කරලා බලන්නකෝ.අවුලක් නම් Fan page එකට දාන්න. :D Like එකක් දාන්න කාරුණික වන්න ඈ.. :D

Friday, January 3, 2014


ජංගම දුරකථනය අප බොහෝ දෙනෙක්ට නැතිවම බැරි උපාංගයක් වී හමාරයි. ජීවිත කාලයක් තුළ එකතු කරගත් දුරකථන අංක සමුදායක් ද, සමහර විටෙක වැදගත් sms පණිවුඩ, Memory card පතක් ඇත්නම් එහි ඇති පින්තූර, වීඩියෝ හෝ ගීත යනාදී දත්ත ද අපේ ජීවිතයේ කොටසක් වී හමාරයි. ඔබේ පුද්ගලික දත්ත වලින් පිරුණු ජංගම දුරකථනය යම් හෙයකින් අස්ථාන ගත වුවහොත් හෝ සොරකම් කරනු ලැබුව හොත් කුමක් සිදුවේ දැයි ඔබ සිතුවාද ?
නැවතත් අළුතෙන් ජංගම දුරකථනයක් මිලට ගත හැකි නමුත් ඔබේ නැතිවූ දුරකථනයේ ඇති දුරකථන අංක යනාදී දත්ත නැවත ලබාගත නොහැකියි. මිල කළ නොහැකි එවන් දත්ත සමූහයක් ඔබේ ජංගම දුරකථනයත් සමගම නැති වුවහොත් ඔබ කළ යුත්තේ කුමක් ද ? අස්ථාන ගතවූ ජංගම දුරකථන සොයා ගැනීමට ඔබට සහාය වන්නට ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව TRC විශේෂ සේවාවක් දැන් ආරම්භ කර තිබෙනවා. ඔබේ ජංගම දුරකථනයත් අස්ථාන ගත වුවහොත් කලබල නොවී පහත උපදෙස් පිළිපැදීමෙන් ඔබේ දුරකථනය නැවත සොයා ගැනීම සඳහා යම් උත්සාහයක් ගත හැකියි.
සියල්ලටම පළමුව ඔබ විසින් දැන සිටිය යුතු වැදගත්ම කාරණය වන්නේ ඔබේ ජංගම දුරකථනයට අදාල IMEI අංකයයි.

ලෝකයේ නිෂ්පාදනය කෙරෙන සෑම දුරකථන උපාංගයක්ම වෙන වෙනම හඳුනාගැනීම සඳහා IMEI අංකය උපකාරී වේ. ශ‍්‍රී ලංකාව තුළ අළෙවි වන සෑම දුරකථනයකම IMEI අංකයක් තිබීම අනිවාර්යය වන අතර එසේ නොවන ඒවා ව්‍යාජ ජංගම දුරකථන විය හැකියි.
ඔබේ ජංගම දුරකථනයේ IMEI අංකය ලබාගැනීම සඳහා *#06# යන කේතය ඇතුළත් කරන්න. ඒ විගසින් ඔබට එබේ දුරකථනයේ IMEI අංකය දිස්වනු ඇත. මෙම අංකය පහසුවෙන් සොයාගත හැකි තැනක ලියා තබා ගන්න. නැතහොත් පරිගණකයේ හෝ අන්තර්ජාල ගිණුමක save කරගන්න.

ඔබේ ජංගම දුරකථනය හදිසියේම අස්ථාන ගත වූයේ නම් ඔබ එහි ෂඵෑෂ අංකය නොදැන සිටීමට ද ඉඩ ඇත.එවන් අවස්ථාවන් හිදී ඔබේ සිම්පතේ දුරකථන අංකය පරීක්ෂණ කටයුතු සඳහා ලබාදිය හැකියි. අදාල දුරකථන සමාගම වෙතින් TRC  ආයතනය  IMEI අංකය ලබාගනු ඇත.
ඔබේ ජංගම දුරකථනය අස්ථාන ගත වී ඇත්නම්, පළමුව ඔබේ වටපිටාව තුළ හොඳින් විපරම් කර බලන්න. බොහෝ විට ඔබේ ඇස නොගැටෙන මානයකදුරකථනය රැඳී තිබෙන්නට ද පුළුවන.
ඔබේ ජංගම දුරකථනය සොයා ගැනීමට නොහැකි ලෙසට අස්ථාන ගත වී ඇත්නම් හෝ, එය සොරකම් කරන ලද බවට ඔබට ස්ථිරවම විශ්වාස නම් ඔබ පළමුව කළ යුත්තේ ඔබේ ප‍්‍රදේශයට අදාල පොලිස් ස්ථානයේ ඒ පිළිබඳව දන්වා පැමිණිල්ලක් ගොනු කිරීමයි. එහිදී ඔබේ දුරකථනය මිලදී ගත් රිසිට් පත්, ඔබේ නමට පැමිණි දුරකථන බිල්, දුරකථනයේ IMEI අංකය හා සිම් පතේ දුරකථන අංකය යනාදිය පොලිසිය වෙත සැපයීම මගින් වඩාත් හොඳින් පරීක්ෂණ කටයුතු සිදුකිරීමට එය සහායක් වන අතරම එමගින් ජංගම දුරකථනයට ඔබේ ඇති අයිතිය ද තහවුරු කළ හැකියි.
ඔබේ ජංගම දුරකථන අංකය රාජකාරී හෝ ව්‍යාපාරික මට්ටමෙන් භාවිතා කල එකක් නම් එය අන්සතු වූ විටෙකදී ඔබේ පෞද්ගලිකත්වයට හා ප‍්‍රතිරූපයට එයින් යම් හානියක් සිදුවිය හැකි බැවින් එම අංකය තාවකාලිකව විසන්ධි කරන ලෙස ඔබේ ජංගම දුරකථන සේවා සැපයුම් සමාගමෙන් ඉල්ලා සිටිය හැකියි. ඒ සඳහා ඔබේ නම හා හැඳුනුම්පත් අංකය ඉදිරිපත් කිරීමට සිදුවනු ඇත.
ඔබ ගොනුකල පොලිස් පැමිණිල්ලේ පිටපතක් ද, ඊට අමතරව ඔබේ ජංගම දුරකථනයේ අයිතිය තහවුරු කෙරෙන සියළුම ලිඛිත සාක්ෂි ද සමගින් ඔබේ පැමිණිල්ල ලිඛිතව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව TRC ආයතනය වෙත ඉදිරිපත් කළ යුතුයි. සතියක් වැනි කාලයක් ඇතුළත ඔබට යම් තොරතුරක් ලැබෙනු ඇති. වැඩි විස්තර සඳහා පහත දැක්වෙන දුරකථන අංක භාවිතා කළ හැකියි.

011-2662215, 011-2662216, 011-2662222 (ටෙලිකොම් දුරකථන මගින් ගාස්තුවකින් තොරව ඇමතීමට හැකියි)
* 011-5376159  (ලංකාබෙල් සඳහා ගාස්තු රහිත)
* 011-4514067 (සන්ටෙල් සඳහා ගාස්තු රහිත)
* ක්ෂණික දුරකථන අංකය – 1900


ඔන්න ඉතින් චෙනුර ගියා තවත් පට්ට වැඩකින් හෙටත් හමුවෙමු Buy හොදේ :D යාළුවන්ටත් බලන්න Share කරන්න හොදේ.දවස්පතා Update වෙන අපේ Blog අඩවියේ අලුත් වැඩ දැනගන්න Like කරන්න අපේ Facebook Fan Page එකට.

Monday, November 25, 2013

ඔබේ ජංගම දුරකථනයේ බැටරිය බැස යාමට ආසන්නව ඇති විටක සහ චාජරයක් ලඟ පාතක නොමැති විට ඔබ මුහුණ දෙන්නේ ඉතා භයානක තත්වයකටය. දුරකථනයක් නැතුව බැරිය. දුරකථනය බැස ගිය විට ‘‘යන එන මං නැතිවීම’’ වලක්වා ගැනීමට කළ හැකි දෙයකුත් නැත. මෙවන් අවස්ථාවලදී ඔබේ ‘මිය යාමට’ ආසන්න බැටරිය තව පැයක්වත් රැක බලා ගැනීමට හැකි නම් කොතරම් අගනේ ද ? ඒ සඳහා අනුගමනය කළ හැකි සරළ ක‍්‍රමවේද කීපයක් පහත දැක්වේ.

1. දුරකථනය Silent කර Vibration ඕෆ් කරමු

දුරකථනයේ Ring tone හා Vibration සඳහා සැලකිය යුතු විදුලියක් වැය වේ මේවා ඉවත් කිරීම බැටරිය කල් පවත්වා ගත හැකි ක‍්‍රමයකි.

2. දුරකථනයේ ,Network Searching, Manual තත්වයට පත් කිරීම හෝ Offline හෝ Aeroplane mode තත්වයට පත් කිරීම.

දුරකථනය අදාල සේවා සපයන්න සංඥා අඩුවූ විගස වඩාත් හොඳ GSM සබඳතාවක් Search කරනු ලබයි. මෙය Network Settings තුළින් Manual යෙදූ විට ඔබට අවශ්‍ය විටක සෙවුමක් කර ඔබට සේවා සපයන ජාලය තෝරාගත හැකිය. ඔබ ඇමතුම් බලාපොරොත්තු නොවේ නම් Offline හෝ Aeroplane mode ක‍්‍රියාත්මක කර Network ඇන්ටනාව Off කර දැමීමද බැටරිය රැකගැනීමට හොඳ ප‍්‍රතිකර්මයකි.

3.Network සබඳතාව Dual Mode සිට GSM වෙත මාරු කිරීම.

බොහෝ 3G දුරකථන වල Network Type එක Dual mode ලෙස දක්වා ඇත. එනම් ඔබේ දුරකථනය 3G සබඳතාව ඇති විට 3G පහසුකම් හා 3G නොමැති විට GSM පහසුකම් පෙන්වන බවයි. GSM ජාලයකදී භාවිතා වන විදුලිය 3G
ජාලයකට වඩා 50‍%ක් අඩුය. එබැවින් දුරකථනය Network Mode එක GSM වෙතට මාරු කර තැබීම නුවණට හුරුය.


4. දුරකථනයේ තිරය වඩාත් දීප්තිමක් කරන Back light අක්‍රීය කිරීම.

දුරකථනයේ Back light Off කිරීමෙන් ඔබට තිරය කියවීම මඳක් අපහසු වීමට පුළුවන. එහෙත් එය බැටරි කාලය දිගු කරයි.

5.Wi Fi, Blutooth, GPS හා GPRS Off කිරීම.

ඉහත පහසුකම් මගින් දුරකථනයේ බැටරිය බහුලව භාවිතා කරන බැවින් ඒවා අක්‍රීය කිරීම මගින් බැටරිය ඉක්මනින් බැස යාම අවම කරගත හැකිවේ.

6. අනවශ්‍ය Wall paper හා Screen Server ඉවත් කිරීම.

ඔබේ දුරකතන බැටරිය වහ වහා ගිල දමන සක්‍රීය වෝල් පේපර් හා ස්ක්‍රීන් සර්වරයන් ඉවත් කරන්න. නවීන ස්මාට් දුරකථනවල මෙන්ම සාමාන්‍ය දුරකථනවල ද, කලූ පැහැති වෝල් පේපර් එකක් යෙදීමෙන් තවත් බැටරිය රැකගත හැකිය.

7. අනවශ්‍ය විශේෂාංග භාවිතා නොකිරීම.

දුරකථනයේ කැමරාව, ටෝච් එක ගීත ඇසීම යනාදිය භාවිතා කිරීමෙන් වැලකිය යුතුය. තවද, ස්වයංක‍්‍රීය අන්තර්ජාල සබඳතා ලබා ගන්නා ස්කයිප්, නිම්බස්, කාළගුන විජට්ටු වැනි දැ තාවකාලිකව අක්‍රීය කිරීම වඩා හිතකරය.

8. ඇමතුම් කෙටි කිරීම.

ලැබෙන හා ගන්නා ඇමතුම් ඉතා කෙටියෙන් අවසන් කිරීම නුවණට හුරුය. දුරකථනයෙන් Ring Cut හා Missed Call දීම සුදුසු නොවේ.

9. හැකිනම් දුරකථනය නිවා දැමිම.

ඔබට හදිසි ඇමතුම් ගැනීමට හෝ ලැබීමට නොමැති නම්, ඉදිරි වේලාවක් සඳහා බැටරිය රැුකගැනීමට හැකි හොඳම පිළියම දුරකථනය
නිවා දැමීමයි. නමුත් නිතර නිතර දුරකථනය On හා Off කිරීමද බැටරිය ඉක්මනින් බැස යාමට හේතු විය හැකිය.


ඔන්න ඉතින් චෙනුර ගියා තවත් පට්ට වැඩකින් හෙටත් හමුවෙමු Buy හොදේ :Dයාළුවන්ටත් බලන්න Share කරන්න හොදේ.දවස්පතා Update වෙන අපේ Blog අඩවියේ අලුත් වැඩ දැනගන්න Like කරන්න අපේ Facebook Fan Page එකට.

Thursday, November 14, 2013


මුලින්ම මේ සංවාදය බලන්නකෝ.ඔන්න Phone එකක් ගන්න මිනිහෙක් Phone කඩේකට ගියාලු.

Phone එක ගන්නකෙනා -Phone එකක් බලමුද?

අලෙවිකරු-සර් හොයන්නේ කීයක විතර එකක්ද?

Phone එක ගන්නකෙනා-හරි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් හොද එකක් බලමු.

අලෙවිකරු-මට කියන්න සර් කීයකට වාගෙද බලන්නේ?ආ මේක හොදයි සර් අපි මේක දෙන්නේ 25,000 කට,එත් Warranty නැතුව 20,000 දෙන්නම්.

ඔන්න මිනිහා Phone එක ගත්තා.දැන් ඉතින් සතුටින් මිනිහා ගෙදර යයි.කාලෙකට පසු යාලුවෙක් හමු වූ විට මිතුරාද  එම Phone එකම අවුරුදු 2ක් Warranty සමග අලුත්ම Phone එක්ක රු18,000 මිල දී ගෙන ඇත.එය දැනගත්තට පසු මිනිහාට තරු පෙනේ.තවද එම Phone එක විශේෂාංග අන්තර්ජාලයෙන් Search කල විට ඉතා අඩු මට්ටමකට ඇති පෙනී යයි.වැරද්ද කාගේද??

ඉතින් ඕක තමයි ලංකවේ ගොඩක් වෙන්නේ.වෙලෙන්ද පරිභෝගීකයවා අන්දනවා.
අන්දෙන්නේ නැතුව Phone එකක් වාගේම ඕනෑම බඩුවක් ගන්න කොට මේ විදිය හොයලා ගන්නකෝ.

ඉවසීම-විමසීම-පීරික්සීම  

ඔය ක්‍රමේට ගත්තොත් වරදින්නේ නෑ.දැන් කියන්නේ දුරකතනයක් ගන්නකොට ඔය විදිහට කරන්නේ කොහොමද කියලා.

Phone එකක් තෝරාගන්න

Phone කඩේට ගිහින් phone එකක් ගන්න හොයන එක මෝඩ වැඩකි.දන්නා කියන මිතුරෙක් ගෙන අහලා බලන්න.අන්තර්ජාලයෙන් බලන්න.ගුණ අගුණ හොයන්න.දුරකතන මාදිලි වල වර්ග වල විශේෂාංග ගලපන්න.මිල ගනන් සොයාබලන්න.


ඔබට ගැලපෙන Phone එකේ Features සෙවීම

WWW.GSMARENA.COM වැනි වෙබ් අඩවියකට පිවිස Phone වල Features සෙවිය හැක.එහි Home Page එකේ Phone Finder යන්න Click කර ඔබට ඕන තාලයකට Phone සෙවිය හැක.ඔබ එසේ Search කලවිට ලැබෙන ප්‍රතිපලේ දුරකථන මාදලි පිළිබද සියලු විස්තර වටේ.එවැනි තවත් දුරකථන පිලිබදව සෙවීමට හැක.
තව එහි ඇති User Reviews කියවා බලන්න.

මිළ පිළිබද සොයා බැලීම

එකම වර්ගයේ වෙනත් මාදලිද සොයා බලන්න.Brand New හා Second Hand දුරකථන වල මිල ගණනන් සසදා බලන්න.

වෙළදපොලේ දී 

වෙළදපොලේ දී ඔබ තෝරාගත් දුරකථනය පමණක් ඉලිල්ලා සිටින්න.ඔහු දෙන Phone එක හෝ යාළුවන් සතුටු කරන්න ඔබ Phone මිලදී නොගන්න..

දුරකථනයේ Head Set වැනි උපකරණ පවා හොදින් පරික්ෂා කරබලා මිලදීගන්න.
Android දුරකථන ගන්නේ නම් මෙම Code වලින් දුරකතනය පරික්ෂාකර ගතහැක.
සමහර Phone වල මේවා ක්‍රියා නොකිරීමට පුළුවන.

Total Call Time / Wifi / Battery Info-*#*#4636#*#*
phone එකේ කථාකාලය/Wifi/බැටරි තෝරතුරු ලබාගතහැක.

WLAN Test-*#*#232331#*#* 
Bluthooth Test-*#*#232331#*#* 
General Test-*#*0*#
Sound Test-*#*#0673#*#* 
LCD Test-*#*#0#*#*8
Touch Screen Test-*#*#2664#*#* 


ඔන්න ඉතින් චෙනුර ගියා තවත් පට්ට වැඩකින් හෙටත් හමුවෙමු Buy හොදේ :D
යාළුවන්ටත් බලන්න Share කරන්න හොදේ.
දවස්පතා Update වෙන අපේ Blog අඩවියේ අලුත් වැඩ දැනගන්න Like කරන්න අපේ Facebook Fan Page එකට.

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ