Showing posts with label tricks-වැඩ කෑලි. Show all posts
Showing posts with label tricks-වැඩ කෑලි. Show all posts

Saturday, February 27, 2016

ගොඩක් කාලෙකින් ලිපියක් ලියන්න ආවේ ඔන්න චෙනුර මලයා.ගොඩක් වටින නිසයි දාන්න හිතුවේ :) ගොඩක් අය ආසයි නේ ජාති Effect එකක් දාලා තමුන්ගේ සෙල්ෆිය ලස්සන කරගන්න :) මාත් ආසයි මෙන්න පොඩි බඩ්ඩක් ඒ වෙනුවෙන්ම :v හැබැයි ගොයියෝ මේකට ෆොටෝෂොප් Software එක ඕනේ මොකද මේක ෆොටෝෂොප් වලට එන Plugging එකක් :) පහල පින්තුරැ බලන්න ඒවගේ තමුන්ගේ 4ටො එක වෙනස් කරගන්න පුළුවන් මුලිනම් පහලින් ඕනේ කරන Plugging එක බාගන්නකො :)


Download කරා Setup එක Install කරා.ෆොටෝෂොප් ඔපෙන් කරා.වෙනස් කරගන්න ඕනේ Image එක Open කරගත්තා :) දැන් ෆොටෝෂොප් උඩ මෙනු එකේ Filter එකේ පහළම ඇති Topaz Clean කියලා එකක් එකේ Sub මෙනු Topaz Clean 3 එක Click කරන්නෝ :) හරි දැන් ඉතින් සල්ලි ගෙවලා ගන්න ඕනේ සින් එකක් එනවා Trial එකක් තෝරන්න අවුලක් නැහැ :) දැන් ඉතින් කැමති ලෙසකට එඩිට් කරගන්න පුළුවන් ඉතින් පහල 4ටො එකේ කහපාටින් Highලයිට් කරපු ඒවා වෙනස් කර කර ඔයාගේ 4ටො එක Cartoon කරගන්න පුළුවන් :)

එහෙනම් කැත නැතුව Like එකක් දාන්න යන්න ඈ :) මේ අඩවිය දිගටම ලියන්න ඕනේ කියලා හිතන අය මාව follow කරන්න https://www.facebook.com/crfhacker

Saturday, January 9, 2016


මේක මම දැක්කේ අපේ රුවන් අයියාගේ http://nohikmunuasa.blogspot.com එකේ ඉතින් මම ඉගෙන ගත්තේ එකෙන් නේ ඉතින් එක ඔයාලට කියලා දෙනකොට මගේ වගේ දාන එක හරි නැහැ නේ එකයි පොඩි Credit එකක් දැම්මේ ;)
හරි හරි ඔන්න අදත් චෙනුර මලයා ආවා පට්ට වැඩක් අරගෙන ඈ :D අරගෙන අද කියන්නේ English වචන අස්සේ රහස් පණිවිඩ යවන හැටි ඈ ;) මේක කෙල්ලෝ කොල්ලන්ට ගොඩක් වටිනවා ඈ?SMS වගේ මට්ටු වෙන්නේ නැහැ ;)
වැඩේ යන්නේ මෙහෙමයි මුලිනම් පහළ බට්න් එක Click කරලා යන්න ඒ වැඩේට ඕන කරන Site එකට :D


හරි ගියාම මේ වගේ Web Page එකක් පෙනවා :D
දැන් ඔයාට රහස් පණිවිඩයක් කරන්න ඕනේ පණිවිඩය Encode කියන කියන එකට ගිහින් දෙන්න
දැන් එන්කොඩ් කියන බටන් එක ඔබන්න.එතකොට ඔයාට එයි පිස්සු හැදෙන English වාක්‍ය ටිකක් :p


දැන් ඒ වචන Set එක ඔයා රහස් පණිවිඩය දෙන කෙනාට දෙන්න :D දැන් එයාට පහලට තියෙනේ Link එකෙන් ගිහිල්ලා එකේ තේරුම බලන්න පුළුවන් ඈ :D ඒ ලින්ක් එකට පහල බට්න් එකෙන් යන්න පුළුවන් :D

මේවගේ වැඩ දාලත් Like එකක් නොදා යන්නේ කොහොමද අනේ?

/bye

/HiHi හල්ලෝ ඔන්න අදත් චෙනුර මලයා Low Budget Gameing ගහන අයට ටිකක් වටිනා Post එකක් ගෙනාවා :D මුලින්ම කියන්නම් මේක හැම Machine එකකටම වැඩ කරන්නේ නැහැ මොකද මේ වැඩේ රදා පවතින්නේ ඔයාගේ Machine එකේ උපාංග මත ඈ ;) හැබැයි මේක කරලා බලන්න සමහර ගහන්න බැරි Game වැඩ කරනවා ඇති :D මේ වැඩේ කරන්න ඕනේ 

  • IntelHD Graphic 3000 ඉදලා ඉහලට(අනිත් ඒවාට වැඩ කරන එක Sure නැහැ)
  • Nvidia/ATI ඕන එකක් පුළුවන් :D 

හොදට Game වලට Support කරන Machine වලට Boost කරලා ගහන්න පුළුවන් :D හරි ඔන්න චෙනුර මලයත් එක්ක වැඩේට බහිමු ඈ.. ;) මුලින්ම අපිට මේ වැඩේට ටිකක් ලොකු Software එකක් ඕනේ වෙනවා :( ඕනේ වෙන්නේ Microsoft SDK කියන එක :D දැනටමත් Machine එකේ තියෙන්නේ පුළුවන්.
එක බලාගන්න Start එකේ Search එකේ ගහන්න dxcpl කියලා.Dxcpl කියලා එකක් එනවද බලන්න :D

එකක් එනවානම් ඒ SDK එක ඔයාගේ Machine එකේ තියෙනවා :D හරි ඒ SDK එක නැත්නම් පහළ තියෙන Windows වෙබ් අඩවියෙන්ම ඒ Microsoft SDK එක ගන්න පුළුවන් :D

හරි දැන් ඒ Software එක දාගත්තානම් සමහර හර වේලාවට Restart කරලා වැඩේට බහින්න ඈ :D තියෙනවානම් හරි Start එකේ dxcpl කියලා ගහලා ඒ Software එක Open කරගන්න :D

හරි දැන් එනවා මෙහම එකක් එකේ උඩම තියෙන Edit List කියන එකෙන් ගිහින් Run කරන්න ඕනේ Game ටික Select කරගන්න ඈ කිපයක් වුනත් පුළුවන් :D   

Edit List එක Click කරාම එන්නේ මෙහෙම එකක් එකේ මම පහළ රූපේ Highlight කරලා තියන Button එක Click කරලා Run කරගන්න ඕනේ Game එක Select කරගන්න පුළුවන් ඊට පස්සේ OK කරන්න :D

හරි දැන් උඩ තියෙන විදිහට Game එකක් දුන්නට පස්සේ ආයේ මුලින්ම ආපු Window එකට එනවා එකේ පහල තියෙන විදිහට ඔක්කොම Setting හදාගන්න උඩම තියෙන Edit List හැදුවා නේ :D


"Feature Level Limit" වල "11_1" Change කරන්නේ ඕනේ "Force WARP" හා උඩම තියෙන  Application Controlled කියන එකට ටික් එකක් දාන්න :D දැන් හරි :D ඔක්කොම Setting උඩ විදීහට හැදුවම Ok කරන්න හරි :D

දැන් Machine එක Restart කරලා ඔයා ඇඩ් කරගත්ත Game එක Run As Administrator කියලා Run කරන්න :D ගොඩක් Game මේ විදිහට වැඩ කරනවා සමහර ඒවා වැඩ කරන්නේ නැති වෙන්නත් පුළුවන් එකට මාව කන්න හදන්න එපා ඈ.. :D හොදට වැඩ කරන ඒවා Boot කරගනත් පුළුවන් Game Run කරන කොට එන Direct X Error ගොඩක් හදන්න පුළුවන් ඈ.. Use කරලා ඔයාගේ අත්දැකීම් කියන්න ඈ.. :D


ඔන්න චෙනුර මලයා කැපුණා ඈ Like එකක් දාලා Sup එකක් ඕනේ ඈ.. :D     

Tuesday, December 29, 2015

ඔන්න යාලුවනේ චෙනුර අදත් පොඩි Computer Magic එකක් ගෙනාවා.. ;) මේකේ වෙන්නනේ මෙහෙමයි ඔයාගේ My Computer කියන එකේ Hard එකේ බෙදපු කොටස් පෙන්නවා නේ,ඒ කියන්නේ partitions පෙන්නනවා නේ.ඉතින් මම අද කියන්නේ පෙන්න partitions ගාණ වැඩි කරලා පෙන්න විදියක් ගැන.මුලින් බලන්න මගේ Computer එකේ Normal  Partitions ටික.

  

  දැන් බලන්න මම දෙන මේ Magic එක කරාට පස්සේ කොහොමද කියලා?

ඇත්තටම මේකේ වෙන්නේ ඔයාගේ C Drive එක Copy ගොඩක් පෙන්වන එක විතරයි.
දැන් බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා මුලින්ම මේ චුටි File දෙක Download කරගන්නකෝ.

  දැන් Rar එක Extract කරගන්නකෝ.දැන් එකේ ඇති පහළ තියනවා වගේ File 2ක්.


එකෙන් Add Drives කියන එක Double Click කරන්න දැන් CMD එකක් Run වේලා Close වේලායයි.දැන් බලන්න My Computer එකට ගිහින් Magic එක.පට්ට නේද?
ආයිත් එක අයින් කරන්න Remove Drives කියන File එක Double Click කරන්න දැන් CMD එකක් Run වේලා Close වේලායයි.දැන් බලන්න My Computer එකට ආයිත් Normal විදිහට My Computer එක හරිගීහින් ඇති.පට්ට නේද වැඩේ යාලුවනේ?

මම දැන් ගියා යාලුවන්ටත් බලන්න Share කරලා Like පාරක් දාගෙනම යන්නකෝ. :D 

Friday, April 10, 2015


හම්මා චෙනුර මලයට සාපෙළ වලට මාස 8 යි එත් බ්ලොග් ලියනවා :D හරි හරි අටුවා ටීකා ඕනේ නැහැ අපි වැඩේට බහිමු! :) ඔයලා නිකමට හරි දැකලා තියෙනවද ගුගල් chrome බ්‍රව්සර් එකේ රහස් :) හරි මේ ගේම් එක නිකන් කම්මැලි වේලාවට එහෙම සෙල්ලම් කරන්න පට්ට :)  හ්ම්ම් මෙහෙමයි ගේම් එක run කරන්නේ :)
ගියා chrome එකෙන් ඔයා කැමති site එකකට :) දැන් machine එකේ නෙට් Disconnect කොරන්න දැන් ආයේ ගුගල් ක්‍රෝම් එකේ අර ඔපන් කරපු Page එක Refresh කොරන්න :) දැන් මෙහෙම එකක් එනවා නේ ;)
එනවා කියුවේ ඩයිනොසරයෙක් එන්නේ මෙහෙම


දැන් ඔයාගේ යතුරු පුවරුවේ up arrow key එක ඔබන්න :) දැක්කද වැඩේ up arrow key එකෙන් පැන පැන යන්න තියෙන්නේ :) පතොක් ගස් වල හැපෙන්නේ නැතුව :)



හම්මේ මේවගේ Trick එකක් කියලා දීලත් like එකක් නොදා යන්න එපා යාලුවනේ ඈ :)



Wednesday, April 1, 2015

හමමේ කොහොමද යාලුවනේ ඔන්න O/L වලට තව ළං වුනත් චෙනුර මලයා ගොඩක් Fun පොස්ට් එකක් අරන්න ඔන්න ආවා :D ගූගල් එකෙන් මෝඩයන් ගේ දිනයට දුන්නු තෑග්ගක් තමයි මේ ඈ ;) මොක්කද දන්නවද දුන්නේ ගූගල් මැප් එකේ පැක් මෑන් ගේම් එක සෙල්ලම් කරන්න දැන් අවස්ථාව තියෙනවා :D හරි මෙහමයි වැඩේ පහළ බටන් එකෙන් දීලා තියෙන site එකට යන්න.


යන්නේ කොහෙටවත් නෙමෙයි ගුගල් මැප් එකට :D හරි දැන් පහළ තියෙන විදිහට කරන්නකෝ :) හා ඊට කලින් මැප් එකෙන් play කරන්න තැනක් හොයාගන්න :D



කොහොමද වැඩේ ඔන්න චෙනුර මලයත් ගේම් ඒක ගහන්න ගත්තා :) එහෙනම් ඔය කට්ටිය Fb Like එකක් Share එකක් දාගෙනම යන්නකෝ :D




Tuesday, November 4, 2014

 

හා යාලුවනේ ඔන්න අදත් චෙනුර මලයා Post කට්ටක් ගෙනාවා ඈ.. ගොඩක් අයට ජොබ් එකකට හරි Computer එකක්ම බලන්න ඉන්න තියෙනවා නම්  කම්මැලි නැද්ද ? ඈ :) ඉතින් නරකද ඒ පාළුව මැකෙන්නත් එක්ක පොඩි කුරුළු පැටියෙක්ව Desktop එකේ තියාගන්න ඈ.. :D පොඩිම පොඩි Software එකක් මේක KB ගානක අරන් බලන්න පහළින් :) පොඩි පිලිහුඩු පැටියෙක් ඉන්නේ උ Auto පියබනවා වැඩ දානවා කෑ ගහනවා උව Mouse එකෙන් අල්ලා එහෙට මෙහට කරන්නත් පුළුවන් :) පට්ට නේ :D Nature Wallpaper එකක් දාලා මුව දැම්මා නම් පට්ට නේ :D හරි එහනම් එක පහළින් බාගන්නකො ඈ... :D 

හරි එහනම් අපි නිකන් මේ Software හොයලා දෙනවා නේ නරකද කාලගුණ සැලකීමක් විදිහට Like එකක් Link එක Share පාරක් දැම්මොත් ඈ.. හරි එහනම් චෙනුර මලයා කැපුණා ඈ 
/Bye 

Monday, October 27, 2014


ඔන්න යාලුවනේ අද චෙනුර මලයා අද කියලා දෙන්නේ UPS එකත් Battery එකත් කාලයක් තියාගන්න හැටි :) මොකක්ද මේ UPS :)  

Uninterruptible Power Supply=UPS

දැන් අපි පහලින් කතා කරමු අපගේ UPS එක වැඩි කාලයක් භාවිත කිරීමට නම් අපි අනුගමනය කල යුතු  ක්‍රියාමාර්ග මොනවද කියලා :)

1)පලමුවෙන්ම කියන්න ඕනෙ මෙන්න මෙන්න මේ දේ, ඔබ ප්‍රථම වතාවට UPS එකක් මිලදී ගත් විට, එක භාවිතයට කලින් පැය 12ක් පමණ ආරෝපණ ගැන්වීම අනිවාර්ය ක්‍රියාවකි.

2)UPS එකෙහි විදුලි සැපයුම් කේබලයෙහි තිබෙන පේනු තුනම විදුලි සැපයුමට සම්බන්ධ වල අයුරික් සකස් කල යුතියි. (Live, Neutrel, Earth (UPS එකක් බාවිත කරන බොහෝ දෙනා, මෙම Earth අග්‍රය ගැන එතරම් සලකිල්ලක් නොදක්වයි. මේ නිසාවෙන් Monitor එක සහ CPU එකද Earth අග්‍රය සම්බන්ධවී නොමැත. මෙවැනි වෙලාවක, CPU එක අල්ලන කෙනෙකුට විදුරි සැර වැදීමට පුළුවන, ඒ වගේම පරිගණකයේ RAM සහ CPU එකටද අභ්‍යන්තර වශයෙන් හානි විය හැකියි.

3)පරීගණකය Shut Down කල විගස, USP එකට ලැබෙන විදුලි සැපයුම අත්හිටු නොකරන්න, විදුලි සැපයුම දිගටම ලැබාදෙන්න. එහිදී මෙහි තිබෙන බැටරිය හොදින් ආරෝපනය වනු ඇත.විදුලි විසන්දිවීමකදී ඔබ පරිගණකයේ ක්‍රියාත්මක කර තිබුනොත්, අදාලා ක්‍රියාකරකම් ඉක්මනින් Save කර තබා, පරිගණකය Shut Down කරන්න. ඔබ විදුලිය නොමැති විටත් USP එකෙන් වැඩි භාවිතක් ලබා ගතහොත්, මෙහි තිබෙන විදුලිය නිතර නිතර ශූන්‍ය තත්වයට පැමිනේ.එහිදී මෙහි තිබෙන බැටරිය කෙටි කලකින් සම්පූර්ණයෙක් අක්‍රීය වීමට පුළුවන.

4)ඔබ සතුව ලේසර් ප්‍රින්ටර් එකක් තිබෙනවානම්, කිසිම විටක එයට UPS එක හරහා විදුලිය ලබා නොදෙන්න (Laser Printer එකක් ක්‍රියාත්මක වීමේදී විශාල විදුලි ප්‍රමාණයක් ලබාගැනීම නිසා UPS එක කෙටි කලක් තුල අඩපන විය හැක.

5)UPS එක මොනිටර් එක ආසන්නයේ නොතබන්න, සෑම වෙලාවටම UPS එක පරිගණකයේ මේසයට පහලින් තබා ගන්න, එහෙත් ජයල වැනි දෑ මෙය මත පතිත නොවීමට වග බලාගන්න. ( UPS එක Monitor එක ආසන්නයේ තැබුවහොත්, මෙමගින් ප්‍රේරණය වල චුම්භක ක්ෂේත්‍රයේ බලපෑමික් නිසා පරිගණක තිරයේ දෙදරන ස්වාභාවියක් ඇති විය හැකිය.

මේවා හරියට කලොත් ගොඩම තමයි ඈ එහෙනම් අදත් Like & Share පාරක් දාන්න යාලුවනේ ඔන්න එහනම් චෙනුර මලයා කැපුණා :) 
/Bye   


Sunday, October 26, 2014

ඔන්න අදත් චෙනුර මලයා Windows මෙහයුම් පද්තියට අදාල ලිපියක් ගෙනාවා ඈ.. හරි මොකක්ද මේ කරන්නේ යන්නේ? Normally අපි Windows දාන්නේ DVD එකකින් නේ සමහර වේලාවට එක බැරි වෙනවා මොකද?windows 8 වල All in One එක ගත්තොත් DvD එකකට ගහන්න බැහැ.එක නිසා Windows දාන්න වෙන්නේ Pen එකකින් :D ඔන්න අද #CyberTricksZone එකේ චෙනුර මලයා අද කියන්නේ ඒ විදිහට Pen එකෙන් Windows දාගන්න විදිහයි මේ :D මම කලින් ලිපියක් ගෙනාවා Windows 7/8/8.1 DvD එකකට Bootable විදිහට Burn කරන හැටි ගැන ඒ ලිපිය මෙතැනින් :D

හරි අපි වැඩේට බහිමු!මගේ උපදෙස් පිළිපදින්න ඈ
අවශ්‍ය දේවල්
1)Windows 7 හරි 8 හරි 8.1 හරි ISO File එකක්
2)4GB හරි ඊට වඩා ලොකු PenDrive එකක් :D (Windows File එකේ ප්‍රමාණයට වඩා ධාරිතාවයක් තියෙන Pen එකක් වෙන්න) :)
3)මෙන්න මේ Software එක Only 700kB :D Software එක පහලින් ගන්න :)

මුලින්ම අපි කරන්න ඕනේ Pen එක Bootable විදිහට හදාගන්න එක :D
1)Windows දාගන්න ඕනේ Pen එක Computer එකට Connect කරගන්න :) හරි ඒ Pen එක Format කරගන්න :)
2)Download කරගත්ත Software එක Open කරගන්න :) එකේ මම පහළ දීලා තියෙන 2ක ඇරෙන්න එකක්වත් වෙනස් කරන්න යන්න එපා :) 

වම් අත පැත්තේ රූපේ අංක එකට කැමති නමක් දෙන්න.අංක 2කට ඔයාගේ Windows තියන ISO File එක Select කරන්න :) එච්චරයි දැන් Start Click කරන්න :D දැන් Warning Message එකක් එනවා Ok කරන්න.වැඩේ වෙන්න ටිකක් වෙලා යයි වැඩේ ඉවර වුණාම Done කියලා Software එක පහළින් වැටෙයි :D ඔන්න දැන් Windows Bootable Device එක හරි :)

හදාගත්ත Pen එකෙන් Windows දාගන්නේ මෙහමයි

Pen එක ගහලා Machine එක Restart කරන්න :)
Machine එක On වෙනකොටම එන්නේ Motherboard එකේ Logo එක එහෙම එතකොට Delete Key ඔබන්න එතකොට BIOS Setup එකට යනවා නිල් පාටට තියන (සැ.යු Delete එක එබුවාම අවේ නැත්නම් F2, F10, F12 මේ Key එකෙන් එක ඔබලා බලන්න මොකද එක එක Mother Board වල Bios Setup එකට යන Key එක වෙනස් )

ඊට පස්සේ ඒ Menu එකේ උඩම තියන Boot Tab එකට ගිහින් :) Boot Devices Priority කියන එකට Enter ඔබලා එන Menu එකේ 1st හරි 2nd හරි Boot Device එකකට ඔයාගේ Pen එක Select කරන්න :) එක කරාට පස්සේ Esc Key එක ඔබන්න :) දැන් Y ගහලා Save කරලා Bios Setup එකෙන් පිට වෙන්න පුළුවන් :) ඊට පස්සේ Restart වෙලා On වෙනකොට Press Any Key To Boot Form CD or DvD කියලා ආවම Enter ඔබන්න Windows Setup එක එනවා :) අවුලක් නම් Fanpage එකට දාන්න ඈ ;)

ඔන්න ඉතින් අදත් චෙනුර මලයා මගේ කාලය කැපකරගෙන ලියුවේ ඔයාලට අලුත් දෙයක් කියලා දෙන්න එක නිසා මගේ මහන්සිය සලකලා Like එකක් දාගෙනම යන්න යාලුවනේ :D 


   

Sunday, October 19, 2014

හා කොහොමද යාලුවනේ දවස් 2කින් Post එක්ක දාන්නත් බැරි වුණා නේ යාලුවනේ :D ඔන්න එකටත් හරි යන්න තරිදුවා ගේ ලිපියක් ගෙනාවා :D

ගොඩක් අයගෙ අපිරිසිදුම තැන තමයි Desktop එක.. :D අද මම ඔයාලට දෙන්න යන්නෙ ඒකට නියම විසදුමක්..ඔයාගෙ අයිකන් ටික ලස්සනට රාක්කවලට දාලා පිලිවෙලකට තියාගන්න මෙමගින් පුලුවන්..වෙන මුකුත් නෙවෙයි දෙන්නෙ ලස්සන Wallpaper දෙකක්..මුලින් බලල ඉන්නකෝ ඔය මහ ලොකු Wallpaper දෙක... ;)



ඔයාලට කරන්න තියෙන්නේ මේ එකකින් කැමති එකක් Desktop Background එකට දාගෙන රාක්ක වලට Icon ටික ඇදලා දාන්න මෙන්න මේ මගේ එක



පහළින් ඒ Image දෙක Download කරගන්න පුළුවන් දෙකෙන් එකක් දාලා හොදම එක තියාගන්න පුළුවන්
:D
පහළින් බාගන්න එහෙනම් Wallpaper 2 ක :D
වම් අත පැත්තේ එක
 

දකුණු අත පැත්තේ එක 


හරි අපි ගියා එහනම් Windows 7 වල එන Desktop Gadget වල clock එහෙම දාගෙන ලස්සන කරගන්න පුළුවන් ඈ ඔන්න චෙනුර කැපුණා ඈ Like එකක් දාලා උදුව් කරන්න අමතක කරන්න එපා යාලුවනේ 

 /Bye

Saturday, October 11, 2014


හල්ලෝ කට්ටිය කොහොමද ඈ #Cyber Trick Zone එකේ චෙනුර මලයා අදත් සුපිරි Post එකක් ගෙන්න හිතුවා එන පාර O/L නිසා මේ දාන අන්තිම ලිපිය වෙයිද දන්නෙත් නැහැ :( Ok අද ලිපිය හරි :D මම මේක Net එකේදී දැක්ක Software එකක් ඈ.. ;) මේක කරන්නේ Image එකක් Text වලට ගන්න එක :D මේකෙන් ඔයාලගේ FB Wall එකේ Text වලින් ඔයාගේ Photo එක Post කරන්න පුළුවන් :D මේකේ නම #Ascgen2 මුලින්ම මේ KB ගානක පොඩි Software එක පහළින් Download කරගන්නකො :D

උඩ Button එක Click කරාම අලුත් Tab එකක් Open වෙලා තත්පර 5කින් Auto Download වෙයි Software එක ඈ.. ;) හරි Download වෙන්නේ පොඩි Zip File එකක් එකේ ඇතුලේ ඇති Software එක Open කරගන්න Ms Paint වල වගේ මාර Friendly Interface එකක් තියෙන්නේ Use කරලා බලලා අපිටත් විස්තර කියන්නකෝ ඈ අපි කැපුණා ඈ.. :D කැමති Image එකක් Ctrl+L ගහලා Software එකට Insert කරගන්න පුළුවන් එකෙන් එක කරන හැටි ඕනේ නැහැ එක ලේසි Software එකක් ඈ මොකක් හරි අවුලක් නම් කියන්න :D මේකෙන් Convert කරගත්ත එකක් Ctrl+S ගහලා ඕන විදිහකට Save කරගන්න පුළුවන් Txt හරි JPG එකක් විදිහට හරි :D


මෙහෙම Software දීලත් Like නොකර යන්න තරම් නපුරු වෙන්නේ එපා ඈ ;) චෙනුර ගියා 
/Bye

Friday, October 3, 2014

කොහොමද කට්ටිය මටනම් එච්චර හොද නැහැ මොකද අසනීපයි :( එත් චෙනුර මලයා අදත් ලිපි 2ක් ගෙනාවා :D ඈ.. හරි අපේ කෙලින්ම Google වල රහස් දැනගමු නේ බර වචන ඕනේ නැහැනේ :D ඇත්තටම Google කියන්නේ පට්ට ආයතනයක් වගේම ලෝකේ වැඩිම දෙනෙක් යන එන වෙබ් අඩවිය :D ලෝකෙම අංක එකේ වෙබ් අඩවිය කියුවොත් හරි :D මේක Search Engine එකක් කියලා ඔයාලා දන්නවා ඇති නේ :D මම කියන්නේ මේ Google Search Engine එකේ ඔයාලා දන්නේ නැති වැඩ කෑලි ටිකක් ගැනයි ඈ.. :D කෙලින්ම Game එකට බහිමු :D

1)සුපිරි Googl Calculator එකක් ගන්න හැටි :D Googl වලට ගිහින් ගහන්න Calculator කියලා Cal එකක් එනවා පට්ට :D



2)ඔබේ Public IP එක හොයා ගන්නත් පුළුවන් :D Google Search Engine එකට ගිහිල්ලා My IP කියලා Search කරන්න.එතකොට ඔයාගේ Public IP එක පෙන්නයි :D



3)විනිමය අනුපාත දැනගැනීමට ත් Google උදවු කරනවා :D එක දැනගන්න පුළුවන් Currency Converter කියලා Google කරන්න :D



4)ඕනෑම තැනක වේලාව බලා ගන්නේ මෙහෙමයි. :D Google  Search Engine එකට ගිහිල්ලා "වේලාව දැන ගන්න ඕන තැනේ නම Time " කියලා Search කරන්න. උදා - London Time



5)Google  Search එකෙන් කාලගුණය :D Google  Search Engine එකට ගිහිල්ලා මෙහෙම Search කරන්න "Weather ඔබට කාලගුණය දැනගන්න ඕනේ තැන " එතකොට කාලගුණය බලාගන්න පුලුවන් ඔබට සතියකටම තියෙන :D උදා - Weather Moratuwa



6)Google  සුපිරි භාෂා පරිවර්ථකය :D Translation එකෙන් ඕනෑම වචනයක් ඕනෑම භාෂාවකට මාරු කරගන්නේ මෙහෙමයි. Google Search Engine එකට ගිහිල්ලා Translation කියලා Search කරන්න.එතකොට Google Translation එක ඒවී :D



ඔච්චරයි චෙනුර කැපුණා මේවගේ තවත් දේවල් #CyberTricksZone ගේනවා Like කරලා බ්ලොග් ලියන්නාගේ මහන්සිය අගය කරන්න කාරුණික වන්න :D
/Bye

Thursday, October 2, 2014

/hihi guys කාලෙකට පස්සේ නේ මම නම් හොදින් අව්ලක්ම නැ .අද  මම ඔයාලට ගේනවා සුපරි පොස්ට් 1ක්   !!!! ෆොටෝෂොප් වගේ යන්තම්  හදිසියකට photo  එකක් edit  කරගන පුළුවන් online site  එකක් ගැන....හොදි නේ .............. :D 
මේකෙ නම තමා  CITRIFY

වැඩි කතා ඕනි නැහැ නේ.එහනම් site  ගිහින් ම බලන්නකෝ 

දැන් තියනේ ෆොටෝෂොප් වල  වගේ අපිට කැමති photo  එකක් අපේ computer  එකෙන් open  කරගෙන  edit කරන්න තියෙනේ 

එහනම් මම ගියා තව පට්ට පොස්ට් 1ක් කින් සෙට් වෙමු  bye  comment  & like  1ක් දල  කරන්න එපා හරිය :D

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ